ළමා නිවාසයක දැරියන් දෙදෙනෙක් පැන ගිහින්

ළමා නිවාසයක දැරියන් දෙදෙනෙක් පැන ගිහින්

මොණරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇති බව මොණරාගල පොලීසිය පවසනවා.

මෙම දැරියන් දෙදෙනා අවුරුදු 14 සහ 15 යන වියෙහි පසුවන අතර නව වන වසරේ ඉගෙනුම ලබන බවයි ඔවුන් සඳහන් කළේ.

ඊයේ (19 ) ළමයින් දෙදෙනා පාසල් ගොස් ඇති අතර නැවත ආපසු පැමිණ නොමැති අතර ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.