දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා

දවසේ ලග්න පලාපල – 2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා

රාහු කාලය
10:32 am – 12:03 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
ගිණිකොන

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරිද බහුලයි. දවසම නිවසින් බැහැරව සිටීමට සිදුවේ. නවක මිතුදම් ඇතිවෙයි. ක්‍රියාකාරකම් ද බහුලයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. සිරසගත රෝග පීඩා මතු කරයි.

Date: 2024-09-20
ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාකාරී දිනකි. රාජකාරිවලදී සීමාව ඉක්මවා කටයුතුවල යෙදේ. විනෝද ජනක ක්‍රියාද යෙදේ. නවක මිතුදම් මත ක්‍රියාකරයි. අසල්වැසි සබඳතා වර්ධන ක්‍රියා යෙදෙන අතර සෙම් බහුල රෝග, උෂ්ණ රෝග මතුවේ.

Date: 2024-09-20
ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මිථුන

අවිවේකී බව ගෙනදෙයි. දිවා රාත්‍රී රාජකාරිද යෙදෙන අතර නවක මිතුදම් වර්ධනය වෙයි. සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. විනෝද ජනක ක්‍රියාවන්හිද යෙදෙන අතර තරමක් වැය පස ඉහළ යන දිනකි. සන්ධි රෝග, වාත රෝග මතු කරයි.

Date: 2024-09-20
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරකම් බහුල වන අතර තම අරමුණු වලට බාධා ගෙනදෙයි. රාජකාරිද බහුලවේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ගමන් බිමන්ද බහුල වෙයි. හදිසි ධන ලාභද ලබයි. මුත්‍රා ආසාදන, අර්ශස් වැනි රෝග මතු කරයි.

Date: 2024-09-20
ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් යෙදේ. නිෂ්ඵල ගමන්ද යෙදෙන අතර වැයපසද ඉහළ යන ක්‍රියාවන් යෙදේ. යටපත්ව තිබූ සතුරු බලපෑමක් ඉස්මතු වීමෙන් කලකිරීම් ඇති වේ. රක්ත රෝග මුඛ රෝග මතු කරයි.

Date: 2024-09-20
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

රැකියා ස්ථානවල කැපී පෙනේ. උනන්දුවෙන් ක්‍රියාකරයි. දුරදිග බලා ක්‍රියා කිරීමෙන් පැවති සතුරු බලපෑම් යටපත් කෙරේ. සුළුවෙන් හෝ හදිසි ලාභද ලබයි. විනෝද ගමන්ද යෙදේ. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2024-09-20
ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

අවිවේකී දිනකි. ගමන් බිමන් සැලසුම් කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. දුරස්ථ වූ සබඳතා සමීපවන ක්‍රියා ද යෙදේ. ප්‍රේම සබඳතා ඇති වෙයි. භූමිලාභ සම්පත් දෙයි. හදිසි රෝගාබාධ යෙදෙයි.

Date: 2024-09-20
ජය අංකය: 04
ශුභ වර්ණය: ළා රෝස
Qries

වෘශ්චික

වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවල්වලට හේතුයි. තරමක් මිල මුදල් වැයවන දිනකි. තම ළඟම ඥාතීන් උදෙසා ද මුදල් වැය වෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. සෙම් රෝග, හන්දි රෝග මතු කරයි.

Date: 2024-09-20
ජය අංකය: 08
ශුභ වර්ණය: ළා රතු
Qries

ධනු

රාජකාරි බහුලයි. පැවති බාධා ඉවත්වෙයි. තම අරමුණු වලට බාධා කරයි. ප්‍රීති උත්සව සාදවල යෙදෙන අතර නවක මිතුදම් වර්ධනය වෙයි. දුර ගමන් බිමන් යෙදේ. සෙම් ආසාදන රෝග මතුකරයි.

Date: 2024-09-20
ජය අංකය: 01
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මකර

ක්‍රියාකාරී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතුවීමෙන් සිත චංචලවෙයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. යටපත්ව තිබූ බැඳීම් ඉස්මතුවෙයි. හදිසි ධන සම්පත් ලාභ ලබයි. කොන්දේ අමාරු මතුවෙයි.

Date: 2024-09-20
ජය අංකය: 06
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ගමන් බිමන් බහුලවෙයි. රැකියා ස්ථානවල පැවති ගැටලු නිරකරණය වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් මතුකරයි. ප්‍රීති සාදවලට සහභාගිවීමේ අවස්ථා මතුකරයි. වැයපස ඉහළයි. මුත්‍රා ආසාදන මතු කරයි.

Date: 2024-09-20
ජය අංකය: 09
ශුභ වර්ණය: නිල්
Qries

මීන

අවිවේකී දිනකි. රාජකාරි බහුලයි. ගමන් බිමන් යෙදේ. සුහඳතා වර්ධන ක්‍රියාවන්වල යෙදෙන අතර දහමට ද අවතිර්ණව ක්‍රියාකරයි. සිත චංචල කරවන ක්‍රියද යෙදෙයි. හදිසි ලාභ ලබන දිනකි. අම්ලපිත්ත රෝග බඩවැල් රෝග මතු කරයි.

Date: 2024-09-20
ජය අංකය: 07
ශුභ වර්ණය: දම්