අනියම් පෙම නතර නොකළ බිරිඳට සැමියා කල දේ

අනියම් පෙම නතර නොකළ බිරිඳට සැමියා කල දේ

වෙනත් පුද්ගලයකු සමඟ සමීප සබඳතාවක් හේතුවෙන් සිය බිරිඳගේ අත වෙන්වන ලෙස කපා දැමූ සැමියකු යාපනය , අලවෙඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය පවසනවා.

වෙනත් පුද්ගලයකු සමඟ ඇති සබඳතාව නතර කරන ලෙස සැමියා කළ ඉල්ලීම නොතකා ඔවුන් නිරන්තරයෙන් හොර රහසේ කාමරයේ දොරවසා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කතාබහ කිරීම් සිදුකරන බවත් එය ඉවසාදාරා ගැනීමට නොහැකිව බිරිඳගේ අත කපාදැමූ බවට සැකකරු පාපොච්චාරණය කොට ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.

එලෙස බරපතල කැපුම් තුවාල ලබා රෝහල් ගතකොට ඇති 41 හැවිරිදි දෙදෙරු මව තෙලිප්පලෙයි රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.