ඇඟලුම් කර්මාන්ත ශාලාවක අහාර විස වී 500ක් රෝහලට

ඇඟලුම් කර්මාන්ත ශාලාවක අහාර විස වී 500ක් රෝහලට

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල් වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසයි.

බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉඩකඩ මදි හෙයින් තවත් පිරිසක් බස් රථවලින් හා ගිලන් රථ මගින් අත්තනකඩවල රෝහලට රැගෙන යාමට කටයුතු කළ ඇති බවද පොලිසිය සඳහන් කරයි.

අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කල ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවද බකමූණ හා අත්තනකඩවල රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය.