පාසල් නිල ඇඳුම් ලබාදීම ගැන දැනුම් දීමක්

පාසල් නිල ඇඳුම් ලබාදීම ගැන දැනුම් දීමක්

2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825ක් සඳහා අවශ්‍ය සිවුරු සියල්ලම ඇසුරුම් කර ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, 2025 නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වනදාට පෙර එම නිල ඇඳුම් සහ සිවුරු බෙදාහැරීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා, චීන රජයේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන රජය විසින් ප්‍රදානයක් ලෙස මෙය ලබාදී තිබේ.

ඒ අනුව මෙම නිල ඇඳුම් 100%ක් නොමිලේ හිමිවන අතර එයින් රජයට ඉතිරි වන මුදල රුපියල් මිලියන 7,000ක් බව එම නිවේදනයේ සඳහන් ය.

මෙම නිල ඇඳුම් වල පළමු තොගය නොවැම්බර් මස 13වන දිනත්, දෙවන තොගය නොවැම්බර් මස 21වන දිනත්, තෙවන තොගය දෙසැම්බර් මස 20වන දිනත් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මේ වනවිට චීන රජය විසින් තහවුරු කර තිබේ.