මැතිවරණ මහලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් අද

මැතිවරණ මහලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් අද

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (17) පැවැත්වේ.

නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් මෙම සාකච්ඡාවට සහභාගී වන බවයි, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක පැවසුවේ.

මේ අතර ඡන්ද විමසීමට අදාල සියලු කටයුතු සූදානම් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට දිය යුතු සියලුම උපදෙස් ද නිකුත් කර අවසන් ඇති බවත් සභාපතිවරයා කීවේය.

මෙවර ජනාධිපතිවරණයේදී වෙනදාට වඩා ජනතාව උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ රත්නායක මහතා උදෙන්ම ඡන්ද පොළට ගොස් සිය ඡන්දය පාවිච්චි කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අනෙකුත් මැතිවරණ වලට සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බවත් එය හොඳ ප්‍රවණතාවක් බවත් හෙතෙම සඳහන් කළේය.

බොහෝ ආධාරකරුවන් වැරදි පෙන්වා දුන් පසු ඒවා නිවැරදි කරගෙන කටයුතු කළ බවද ඔහු කීවේය.