“සිවිල් ආරක්ෂක නිළධාරින්ට, හැකියාව, දක්ෂතාව අනුව රජයේ සුදුසු තැනකට එන්න දෙනවා”

“සිවිල් ආරක්ෂක නිළධාරින්ට, හැකියාව, දක්ෂතාව අනුව රජයේ සුදුසු තැනකට එන්න දෙනවා”

සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරින්ට දක්ෂතාව අනුව රජයේ සුදුසු තැනකට ඒමට අවස්ථාව ලබාදෙන බවත් එසේ නොමැතිනම් සාධාරණ වන්දියක් ලබාදී සේවයෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දෙන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසයි.

යුද්ධය පැවති සමයේ එම නිළධාරින් විශාල සේවයක් කළ බවත් යුද්ධය අවසන් වීමත් සමග ඔවුන්ව ඇමතිවරුන්ගේ ගෙවල් වල වැඩට දැමූ බවත්, අනුර කුමාර දිසානායක මහතා අද (13) අම්පාරේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලි 7 ක් අද (13) දින, මොණරාගල, අම්පාර, අක්කරෙයිපත්තු, ඔලුවිල්, නින්දවුර්, කල්මුණේ සහ සමන්තුරේ යන නගර වල පැවැත්වුණි.

එහි අම්පාර ජන රැළිය අමතමින් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“එක බිම් අඟලක් මුඩු බිම් බවට පත් වෙන්න දෙන්න එපා.

අහසෙන් වැටෙන වතුර ටික ආරක්ෂා කරලා දෙන්නම්, වැව් ඇල ආරක්ෂා කරලා දෙන්නම්

වගා කරන්න ඉඩම්, බීජ ටික දෙන්නම්. බීජ ප්‍රතිපත්තියක්, සැලසුමක් දෙන්නම්.

පොහොර සහනාධාරයක් දෙනවා. අස්වනු වලට සාධාරන මිලක් දෙනවා.

යාපහුවෙ ගිහින් බණ්ඩි පොහොර නිකම් දෙනවා කියලා රනිල් කියනවා.

අපි හදන්නේ ශක්තිමත් වැඩ පිලිවෙලක්. ඔබ බය නැතුව වගා කරන්න පටන් ගන්න.

අපි දන්නවා අපේ සිවිල් ආරක්ෂක බලකායේ නිළධාරි මහත්තුරු ඉන්නවා, ඒ ගොල්ලො යුද්ධ කාලේ විශාල සේවයක් කලා.

මේ නාමල් ඔයට කොටි පනින කොට විශාල සේවයක් කලා, යුද්ධෙ ඉවර උනාට පස්සේ ගෙවල් වල වැඩට දැම්මා.

අපි කියනවා ඒ සොයුරන්ට හැකියාව, දක්ෂතාව අනුව රජයේ සුදුසු තැනකට එන්න දෙනවා.

නැත්නම් සාධාරන වන්දියක් එක්ක එලියට යන්න පුළුවන්. කැමති දෙකෙන් එකක් තෝරගන්න.

මේ දරුවො තමයි මේ පැත්ත බලා ගත්තේ. ඒ දරුවො එලියට විසිකරලා හරියන්නේ නෑ. එයාලා අපි බලා ගන්න ඕන.”