මැතිවරණ නිරීක්ෂණයට රටවල් 9කට ඇරයුම්

මැතිවරණ නිරීක්ෂණයට රටවල් 9කට ඇරයුම්

රටවල් 9ක මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසයි.

කොමිසමේ ඇරයුම මත ඔවුන් මෙරටට පැමිණෙන බවයි, එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ.

ලබන 18 වැනි දා සිට ඔවුන් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත වනු ඇති.

එම නිරීක්ෂණ කණ්ඩායමට සාක් කලාපීය රටවල නියෝජිතයින් හා රුසියානු නිරීක්ෂකයින් ද ඇතුළත් වේ.

ඔවුන් ජනාධිපතිවරණයෙන් පසු වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබාදීමට ද නියමිතයි.

මේ අතර යුරෝපා සංගමයේ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයින් ද මේ වනවිට මෙරටට පැමිණ ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.