ජනාධිපති අපේක්ෂකයෝ 19 දෙනෙක් තවමත් සද්දයක්වත් නෑ

ජනාධිපති අපේක්ෂකයෝ 19 දෙනෙක් තවමත් සද්දයක්වත් නෑ

ජනාධිපති අපේක්ෂකයන් 19 දෙනෙකු ජනාධිපතිවරණයට අදාළව අද වන විටත් කිසිම ප්‍රචාරක කටයුත්තක් කර නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

සමහරුන් පක්ෂ කාර්යාලයක් හෝ ඉදිකර නැතැයි තොරතුරු අනාවරණය වන බව පැවසූ හෙට්ටිආරච්චි මහතා සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ලබාගෙන ඇත්තේද අපේක්ෂකයන් දස දෙනෙකු පමණක් බවද සඳහන් කළේය.

මේ අතර සමහර අපේක්ෂකයන් සොයාගැනීමට පවා නොහැකිවී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ තිස් අට දෙනෙක් ඉදිරිපත්ව සිටින අතර දැනට ප්‍රචාරක කටයුතුවල සක්‍රීයව දායකව සිටින්නේ අපේක්ෂකයන් දස දෙනකු පමණි.

ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදීය.