කඳුරට ජනතා බලයේ සහාය අනුරට

කඳුරට ජනතා බලයේ සහාය අනුරට

2024 ජනාධිපතිවරණයේ දී කදුකරට ජනතා බලයේ සහය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතාට බව එම පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් මහතා අද (10) හැටන් කොටගල පෞද්ගලික උත්සව ශාලාවකදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

කදුරට ජනතා බලයේ නායකයා සමග එහි ක්‍රියාකාරි සමාජිකයන් පිරිසක් මධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ, වසර 40 කට ආසන්න කාලයක් මේ රටේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයන් රටේ නායකත්වයට පත් වුවද ඉන් කිසිදු නායකයකු වතුකරයේ ජනතාවගේ ආර්ථිකය ඉහල දැමීමට හෝ ඔවුන්ගේ යටිතල පහසුකම් ඉහල දැමීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි.

තවදුරටත් එම නායකයන්ට මුලා නොවී කදුරට ජනතා බලයේ සහය අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කළ බවත්, ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරීමට වතුකරයේ ජනතාවගේ ජන්දය ඔහු වෙත ලබාදෙන බව රාමන් සෙන්දුරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.