අනුර උතුරට ඇවිත් කල කතාවක් ගැන ඩග්ලස් තරහින්

අනුර උතුරට ඇවිත් කල කතාවක් ගැන ඩග්ලස් තරහින්

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී ජාතිවාදය ඇවිස්සෙන අන්දමේ කතාවක් කිරීම තමන් අනුමත නොකරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා පවසනවා.

මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක, උතුරේ හා දකුණේ ජාතිවාදය ගැන කළ කතාව යුක්ති සහගත කතාවක් නොවන බවයි.

සම්පූර්ණ කතාව තමන් ඉතා ගැඹුරෙන් අධ්‍යයනය නොකළද එහි ප්‍රධාන අර්ථය ගැන සලකා බලන විට මේ අවස්ථාවේදී ජාතිවාදය පතුරුවා ඡන්දය ලබා ගෙන බලයට පත් වීමට ජාතික ජන බලවේගය උත්සහ කරන්නේ නම් රටේ ජනතාව එම පක්ෂයට හොද අමතක නොවන පාඩමක් හා තීරණයක් ලබා දෙනු ඇතැයිද ඔහු සඳහන් කර තිබෙනවා.

එදා ජාතිවාදී අදහස් ගැන වේදිකාවල දේශපාලනඥයින් කතා කරන විට ජනතාව අත්පොළසන් ලබා දුන්නත් අද උතුරේ හා දකුණේ ජනතාව අපේක්ෂා කරන්නේ ජාතික සංහිදියාවෙන් යුතුව ජීවත් වීමට හැකි පරිසරයක් බවද ඩග්ලස් දේවානන්දා අමාඅත්‍යවරයා මෙහිදී කියා සිටියා.

උතුරේ සහ රට තුළ එවැනි සංහිදියාවක් පෙරදැරි කරගත් පරිසරයක් ගොඩ නැගීමට උත්සහ කරද්දී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊට අකුල් හෙලා මේ රට තුළ යළිත් වෛරය ක්‍රෝධය වපුරවා ලේ ගැලීමකට රට පත් කිරීමට ගන්නා උත්සාහයට උතුරේ ජනතාවත් තම පක්ෂයත් කිසිසේත්ම ඉඩ නොතබන බවද අමාත්‍යවරයා සදහන් කළා.