ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි

එළඹෙන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, එම වසා දැමෙන පාසල් යළි 23 වැනි දින ආරම්භ කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එසේම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට භාර දීමට කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන්.

තවද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඊට අදාළ නිවේදනය පහතින්.