පූජිත් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා දමයි

පූජිත් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා දමයි

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබේ.

ඔහු එම මුදල කොටස් වශයෙන් 08 වතාවකට ගෙවා පසුගිය අගෝස්තු මස 30 වනදා අවසන් ගෙවීම සිදු කර තිබේ.

මේ අතර පසුගිය දා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ද ගෙවා අවසන් කර තිබේ.

ඔහු විසින් එම මුදල පසුගිය අගෝස්තු 16 වනදින ගෙවා නිමකර තිබුණි.

මීට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන්ද ඔවුන්ට නියමව තිබූ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇත.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාග කිරීමෙන් අනතුරුවය.