බිරිඳ ඝතනය කර සැමියා ගෙල වැළලා ගනියි

බිරිඳ ඝතනය කර සැමියා ගෙල වැළලා ගනියි

මිහින්තලය පොලිස් වසමේ කුංචිකුලම ප්‍රදේශයේ ඊයේ (07) දින සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කුංචිකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු හා 56 හැවිරිදි කාන්තාවකි.

මෙම අඹුසැමියන් දෙදෙනා අතර නිතර ආරවුල් ඇතිවී ඇති බවත් පසුගිය 06 වනදා රාත්‍රි කාලයේදී ඔවුන් අතර ඇතිවූ ආරවුලකදී සැමියා විසින් එම ඝාතනය සිදුකර ඔහුද සියදිවි නසාගෙන ඇති බව පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනය සඳහා යොදාගත් පොරවක් අපරාධය සිදුවූ ස්ථානයේ තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර සැමියා සමග ඇතිවූ ආරවුලක් අතරතුර බිරිඳ විසින් යකඩ පොල්ලකින් පහරදී සැමියා ඝාතනය කර තිබේ.

ඊයේ උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ තෙල්දෙණිය පොලිස් වසමේ උඩගම්මැද්ද ප්‍රදේශයෙනි.

එලෙස මියගොස් ඇත්තේ, උඩගම්මැද්ද, ගොමගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගයෙකි.

ඝාතනය සඳහා යොදාගත් යකඩ පොල්ල සඟවා තිබීයදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සැකකාර බිරිඳ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.