තණමල්විල ජාතික පාසලේ තවත් දැරියක් අපයෝජනය කළ සිසුවෙක් අත්අඩංගුවට

තණමල්විල ජාතික පාසලේ තවත් දැරියක් අපයෝජනය කළ සිසුවෙක් අත්අඩංගුවට

තණමල්විල ජාතික පාසලේ ඉගෙනුම ලබන තවත් දැරියක් එම පාසලේම සිසුවෙකු විසින් අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව චූදිත සිසුවා ඊයේ (07) තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ තණමල්විල ජාතික පාසලේ අට වසරේ ඉගෙනුම ලබන බාල වයස්කාර සිසුවියකි.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මේ පිළිබඳව අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ දැරියව පොලිසියට ගෙන්වා සිදු කළ විමසීමේ දී සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ.

සිසුවිය තණමල්විල ප්‍රදේශයේ පදිංචි සිය ආච්චිගේ නිවසට ගිය අවස්ථාවේ තණමල්විල ජාතික පාසලේම 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් දැරියව රවටා අපයෝජනය කර තිබේ.

සැකකාර සිසුවා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර,දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබේ. මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පාසලේ සහ සිසුන් 22ක් විසින් වසරක් තිස්සේ විටින් විට සමූහ දූෂණයට ලක් කරන ලද අපරාධය සිදුවී ඇත්තේත් මේ පාසලේ ය.

එම සිද්ධිය වසන් කළ විදුහල්පතිවරයාත්, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය භාර ආචාර්යවරියත් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දැනට ඇප මත නිදහස්ව සිටී.