සැකකටයුතු ලෙස මියගිය ත්‍රීරෝද රථ රියදුරෙකුගේ මළසිරුරක් කාණුවකින් හමුවෙයි

සැකකටයුතු ලෙස මියගිය ත්‍රීරෝද රථ රියදුරෙකුගේ මළසිරුරක් කාණුවකින් හමුවෙයි

මිරිහාන මාදිවෙල වෙල්සිරිපුර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ අලුත් වැඩියා කරන ආයතනයක් ආසන්න මාර්ගයේ කාණුවක් තුළ සැක සහිත අයුරින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කෝට්ටේ මාදිවෙල ප්‍රගතිපුර පදිංචිව සිටි ගී කියන ගේ මනෝජ් ප්‍රියන්ත සිල්වා 55 යන ත්‍රිරෝද රථ රියදුරකු බව හඳුනාගෙන ඇතැයි පොලසිය කියයි.

මළ සිරුර කාණුව තුළ මුනින් අතට වැටී තිබී ඇති අතර ඔහු පැදවූ ත්‍රී රෝද රථය ද එම ස්ථානයේ තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් පැමිණ මළ සිරුර හඳුනාගත් බව පොලිසිය පවසයි.