ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යාම වළක්වන්නැයි පොලිසියට නියෝග

ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යාම වළක්වන්නැයි පොලිසියට නියෝග

ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා ගෙයින් ගෙට පෙළපාළි වලින් ගමන් කිරීම වහාම වැළැක්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට අද (4) නියෝග කළේය.

එවැනි පෙළපාලි නතර කිරීම සඳහා පොලිස් ජංගම මුර සංචාර වැඩිකරන ලෙසටද කොමිසම උපදෙස්දී තිබේ.

ඇතැම් දේශපාලන පක්ෂ සාමාජිකයන් පෙළපාළි වලින් ගෙන් ගෙට යන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එවැනි ක්‍රියා නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධාවක් බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මේ අතර නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යන මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස්දී ඇත.