ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

පාසල් වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී මෙම මස 15 ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා මෙම විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයද පෙරවරු 11.00 සිට 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකිය.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා ඇත.

දුරකථන අංක – 0112 784 208/ 278 4537 / 2784537 / 2786616 /2785413

ක්ෂණික දුරකථන අංක – 1911

ෆැක්ස් අංකය – 0112 784422