නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා තැපැලට භාරදීම අද (02) දිනයේ සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබාදෙමින් සිටින බවයි ඔහු පැවසුවේ.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාර ගන්නා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගමනාන්ත කාර්යාලය වෙත අද දිනයේ බෙදා හරින බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ.

මේ අතර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අනිද්දා (04) ආරම්භ වීමට නියමිතව තිබේ.

තැපැල් ඡන්දය සලකුණු කිරීම වෙනුවෙන් 04,05,06 යන දින තුන වෙන්කර ඇති අතර, එම දිනවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට 11 සහ 12 යන දින දෙක ඡන්දය සලකුණු කිරීමට අමතර දිනයන් ලෙස ලබා දී තිබෙනවා.

තැපැල් ඡන්දය සලකුණු කිරීම පෙරවරු 8.30ත් 4.30ත් අතර කාලය තුළ සිදු කිරීමට නියමිතයි.