පාසල් ළමුන් පිරිසකට දෙබර ප්‍රහාරයක්

පාසල් ළමුන් පිරිසකට දෙබර ප්‍රහාරයක්

කතරගම පොලිස් වසමේ, සෙල්ලකතරගම පාලම අසලදී පාසල් ඇරී නිවස බලා යමින් සිටි ළමුන් සහ දෙමාපියන් පිරිසකට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදී අවුරුදු 11, 12, 13, 14 වයස් මට්ටමේ ළමුන් 10 දෙනෙකු සහ දෙමාපියන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර ඇත.

රෝහල්ගත කළ අය අතර පිරිමි ළමුන් 4ක්, ගැහුණු ළමුන් 6ක් සහ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වේ.

මොවුන් සියලුදෙනාම සෙල්ලකතරගම පදිංචිකරුවන්ය.

ඔවුන් සෙල්ලකතරගම මාර්ගයේ පැමිණ පාලම හරහා මැණික් ගග පසුකර යන අවස්ථාවේ පාලම යට තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබේ.