පාස්පෝට් ගන්න දිනයක් වෙලාවක් වෙන් කිරීමේ ක්‍රමවේදය අද සිට නවතී

පාස්පෝට් ගන්න දිනයක් වෙලාවක් වෙන් කිරීමේ ක්‍රමවේදය අද සිට නවතී

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ මාර්ගගත ක්‍රමවේදයට, දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඒ අනුව, පැමිණෙන පිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද (28) සිට ආරම්භ කෙරෙන බවයි, අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේවෙතත්, බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිස එහි රැඳී සිටිනු ඊයේ (27) රාත්‍රී කාලයේද දක්නට ලැබුණි.

මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ඇති හිස් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව, පවතින තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සදහා අයදුම් කරන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි, එහි පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සදහන් කළේ.

COMMENTS