ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් කටුනායක දී අත්අඩංගුවට

ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් කටුනායක දී අත්අඩංගුවට

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස හදුන්වන ශිරාන් බාසික් නැමැත්තාගේ පුත් නදීන් බාසික් ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිණීමේ දී කටුනායක ගුවන් තොටුපලේදී අද (28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම වසරේ පෙබරවාරි මස 16 වැනි දින වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයේ සිදුකළ වැටලීමක දී රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු අනතුරට පත් කරමින් පලා ගිය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව, ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ආ අවස්ථාවේදීයි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.