ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 02ක්

ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 02ක්

තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් ඊයේ (27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය ඉකුත් 22 දින සිට 25 වන දින දක්වා තායිවානයේ තායිපේ නුවර ප්‍රථම වතාවට ලෝකයේ යොවුන් බොක්සිං ක්‍රීඩකයින් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා රටවල් 08 ක යොවුන් බොක්සිං ක්‍රීඩකයින් සහභාගී වී සිටියා.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් මෙන්ම මෙම යොවුන් බොක්සිං ක්‍රීඩකයින්ගේ පාසැල් වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.