ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු වලට ජනපතිගෙන් විසඳුම්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු වලට ජනපතිගෙන් විසඳුම්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ පවතින ගැටලු විසඳීම සඳහා නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා අවශ්‍ය අණපනත් මේ වන විටත් සකස් කර අවසන් බව ද ජනාධිපතිවරයා සදහන් කරයි.

දේශයේ අනාගතය ගොඩනැංවීම යන තේමාව යටතේ පැවති සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ගේ හමුවේදී ඉදිරිපත් වු පැනයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.