කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට යයි

කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයේ අසුන් ගන්නා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

මාතර ජනතාවගේ එකඟතාවය මත මේ තීරණය ගත් බව පැවසූ කොඩිතුවක්කු මහතා ඒ අනුව තමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන බව සඳහන් කළේය.

2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරගකළ කරුණාදාස මහතා මනාප 114,319ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.