මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍ර සිදු කෙරේ

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍ර සිදු කෙරේ

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ දිය කැපීමේ චාරිත්‍රය අද (20) පෙරවරුවේ සිදුකෙරිණ.

අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව මහනුවර ගැටඹ තොටේදී අද උදෑසන 6.50 න් පසවු යෙදුණ සුබ මොහොතින් එම දිය කැපීම සිදුවිය.

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රීයේ විදී සංචාරය කෙරිණි.

සවස 6.57ට යෙදුනු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කළ පෙරහැර දළදා විදීය, යටිනුවර විදීය, කන්දේ විදීය, ඩී එස් සේනානායක විදීය ඔස්සේ ගමන් කර රජවිදීයෙන් ඉහළට පැමිණ ගෙවැදීම සිදුවිය.

අවසන් රන්දෝලි පෙරහැර නිමාවත් සමග අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කෙරුණු සධාතුක කරඩුව දිවා පෙරහැරෙන් දළදා මාලිගාව වෙත වැඩම කරවීමට නියමිතයි.

දේවාල පෙරහැර දළදා මාලිගාවේ පෙරහැර හා එක්වීම දිවා පෙරහැරේදී සිදුවෙයි.

දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව පෙරහැර සාර්ථකව නිමාවට පත්වු බව සදහන් සංදේශය දියවඩන නිලමේවරයා මහනුවර ජනපති මැදුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදුවෙයි.