කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල ජීව උණ්ඩයක්

කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල ජීව උණ්ඩයක්

කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබේ.

එලෙස හමු වී ඇත්තේ, 9 එම් එම් වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන ජීව උණ්ඩයකි.

හෝටල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයෙකු පිවිසුම් දොරටුව අසල ඇති අරලිය ගස අසල තාප්පය පාමුල පිරිසිදු කිරීමේ යෙදී සිටියදී මෙම ජීව උණ්ඩය හමුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ජීව උණ්ඩය හමුවී ඇත්තේ, ප්‍රභූන් හෝටලය වෙත පැමිණීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරීන් රැඳී සිටින ස්ථානයෙන් බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.