මහ ඉඳුරුව දුම්රිය හරස් මාර්යේ බිහිසුණු අනතුරක් – අයෙක් මරුට

මහ ඉඳුරුව දුම්රිය හරස් මාර්යේ බිහිසුණු අනතුරක් – අයෙක් මරුට

කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉදුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොස්ගොඩ පොලීසිය පැවසුවේ, ගාල්ලේ සිට කොළඹ දෙසට යමින් සිටි දුම්රියක කොස්ගොඩ සිට දර පටවාගෙන පැමිණි ලොරි රථයක් ගැටී අනතුර සිදුව ඇති බවයි.

එහිදී ලොරි රථයේ ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙක් මියගොස් අනෙක් තැනැත්තා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ, අවුරුදු පනස් පහක් පමණ වයසැති අයෙක් බවත් ඔහු සහ බරපතල තුවාල ලබා ඇති තැනැත්තා ඉදුරුව මහ ඉදුරුව ප්‍රදේශයේම පදිංචි අය බවද පොලීසිය කියයි.

දුම්රියේ ගැටුණු ලොරි රථය කුඩු පට්ටම්වී ඇති බවද පොලීසිය කියයි.