ගං වතුරට හසුව මියගිය අයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

ගං වතුරට හසුව මියගිය අයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

නොකඩවා ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයාගේ මළසිරුර ඊයේ (17) පස්වරුවේ කළුතර – ගොරකාදූව ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණු අතර මෙලෙස මියගොස් ඇත්තේ මීගහතැන්න, ගොරකදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි ගමගේ රොෂාන් මදුශංක නමැති දෙදරු පියෙක්.

පසුගිය සිකුරාදා (16) අලුයම සිය ගවයන් බැඳීමට නිවසින් පිටත්ව ගිය මෙම වඩු කාර්මිකයා ගංවතුර හසුව මරණයට පත්වන්නට ඇතැයි පොලිසිය පවසනවා.