ඇසල පෙරහැර මංගල්‍ය‍යේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද

ඇසල පෙරහැර මංගල්‍ය‍යේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද

ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍ය‍යේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද පස්වරු 6.45 ට යෙදෙන සුභ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි.

රන්දෝලි පෙරහැර අද සිට වීදි සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලි පෙරහැර ලබන 19 වනදා රාත්‍රියේ වීදි සංචාරය කිරිමටයි නියමිතයි.

පළමු රන්දෝලි පෙරහැර අද දළදා වීදිය / ඩී එස් සේනානායක වීදිය / පන්සල පාරෙන් ඉහළට පැමිණ කොළඹ වීදිය / ඊ එල් සේනානායක වීදිය / හරස් වීදිය / ඩි එස් සේනානායක වීදිය / රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවැදීමට නියමිත බවයි දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සදහන් කළේ.

ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර පසුගිය 10 වනදා සිට දින 5 ක් වීදි සංචාරය කෙරුණා.

අවසන් කුඹල් පෙරහැරයි ඊයේ රාත්‍රියේදියි වීදි සංචාරය කෙරු‍‍‍ණේ. සධාතුක කරඩුව වැඩම කරවුයේ කතරගම වාසනා හස්තියා මතයි.