නාමයෝජනා දීමේදී සියලු අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ දිය යුතුයි
දූෂණ විරෝධී පනතේ 89 වැනි වගන්තිය පරිදි සියලු මැතිවරණ අපේක්ෂකයන් තම නාමයෝජනා පත්‍ර භාර දෙන අවස්ථාවේදී තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයන් ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදිය යුතු බව අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පනතේ 82 (2) ව්‍යතිරේඛය ප්‍රකාරව, ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කරනු ලබන දිනය දක්වා, අදාළ වර්ෂය සඳහා වූ වත්කම් හා බැරකම් ප්‍රකාශ සිදු කළ යුතු බව එම නිවේදනයේ දක්වා ඇත.
ඒ අනුව, එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමට නියමිත අපේක්ෂකයන් විසින් නාමයෝජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමෙන් අනතුරුව, අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගැනීමට කටයුතු කරනු ලබන බව ද එම නිවේදනයේ දක්වා ඇත.
අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශවල සංස්කරණය කරන ලද පිටපත් (දූෂණ විරෝධී පනතේ 88 (1) උපවගන්තියට අනුව, අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව) කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බව කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා සිටියි.