තායිලන්ත අගමැති ධූරයෙන් ඉවත් කරයි

තායිලන්ත අගමැති ධූරයෙන් ඉවත් කරයි

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් පහ කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

ඒ, විනිසුරුවරයෙකුට අල්ලස් දීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරදඬුවමට ලක්ව නිදහස් වූ නීතිඥවරයෙකු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත්කිරීමෙන් සිදු වූ ආචාරධර්ම කඩකිරීමේ චෝදනාව මතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට අධිකරණය විසින් තීන්දු කිරීමෙන් පසු ඔහු මෙලෙස ධූරයෙන් ඉවත් කර තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවෙන් නව අගමැතිවරයෙක් පත් කරන තුරු වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.