ජගත් ප්‍රියංකර පොහොට්ටුව අතහැර රනිල්ට හේත්තු වෙයි

ජගත් ප්‍රියංකර පොහොට්ටුව අතහැර රනිල්ට හේත්තු වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වී ඇත.

අද (13) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ජගත් ප්‍රියංකර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දුන්නේය.

අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා පැවසුවේ, අර්බුදකාරී අවස්ථාවේ රට මුදාගත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එම තීරණය ගත් බවයි.

පුත්තලම් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට පත් වූයේ ජගත් ප්‍රියංකර මහතායි.