විදෙස් ප්‍රේෂණ ඉහළට

විදෙස් ප්‍රේෂණ ඉහළට

2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, 2024 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ දී ඩොලර් බිලියන 3.71ක් මෙරටට ලැබී ඇති බවයි එම දත්ත වාර්තාවේ සඳහන් වන්නේ.

එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3%ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.