නීත්‍යානුකූල විවාහ වයස් සීමාව පහළ දැමීමට යෝජනාවක්
වයස අවුරුදු 18ක් ලෙස පැවති කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 09 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබේ.
ඒ අනුව, ඒ සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් ඉරාක අධිකරණ අමාත්‍යවරයා විසින් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.
කෙසේවෙතත් පාර්ශ්ව රැසක් මේ සඳහා විරෝධය පළ කර ඇති අතර මෙම පනත සම්මත වුවහොත් ගැටලු රැසක් මතුවන බව කාන්තා සංවිධාන පෙන්වාදී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.