මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය අදින් ඇරඹේ
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (10) වීදි සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී දළදා මාලිගාව අබියසින් දකුණු දිශාභිමුඛව පස්වරු 6.06ට පිටත් වන පෙරහර ශ්‍රී දළදා වීදීය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීමට නියමිතය.
එමෙන්ම අවසන් කුඹල් පෙරහර ලබන 14 වනදා දක්වා විථි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ.
මෙවර මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500ක පමණ පිරිසක් යොදවා තිබේ.
මහනුවර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර කුඩා දරුවන්ට පෙන්වීමෙන් ඔවුන්ගේ අපල උපද්‍රව දුරුවන බවට අතීතයේ සිට පැවත එන මතයක් පවතී.
මේ නිසා සෙසු කුඹල් පෙරහර වලට වඩා අතිවිශාල ජනතාවක් පෙරහර නැරඹීම සඳහා පැමිණෙන බව සංවිධායකයින් පවසයි.
පළමුවැනි රන්දෝලි පෙරහර ලබන 15 වනදා ආරම්භ වන අතර ලබන 20 වනදා පැවැත්වෙන දහවල් පෙරහරින් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.