තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

අද දිනය තුළ ද රාජ්‍ය සේවකයින්ට තම තැපැල් ඡන්ද අයැදුම්පත් ආයතන ප්‍රධානියා මාර්ගයෙන් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද අයැදුම්පත් භාර දීමේ කාලය පසුගිය 05 වැනි දා අවසන් වීමට නියමිතව තිබූ අතර පසුව එය අද දක්වා දීර්ඝ කෙරුණි.

තැපැල් ඡන්ද අයැදුම්කරුන්ට අයැදුම්පත් සම්පුර්ණ කිරීම සඳහා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචියට අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.