බදුර්දීන් සහය පළ කිරීම තව කල් යයි

බදුර්දීන් සහය පළ කිරීම තව කල් යයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සහාය ලබාදීම පිළිබඳව ප්‍රකාශ කිරීම තවදුරටත් කල්යන බව එම පක්ෂයේ නායක රිෂාඩ් බදුර්දීන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති සාකකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පැය හතරක පමණ කාලයක් පැවති අදාළ සාකච්ඡාවෙන් අනතුරුව බදුර්දීන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ, මෙවර ජනාධිපතිවරණයේදී සහාය දක්වන්නේ කාටදැයි ප්‍රකාශ කිරීම ලබන 14 වැනිදාට කල් යන බවයි.

“නැවතත් රට අරගලයකට යා නොදිය යුතුයි. සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රශ්න අපිට තියෙනව ඒවා විසඳීමට හැකි නායකයෙක් විය යුතුයි. දැනට අපි සමගි ජන බලවේගය සමග කටයුතු කරනවා. 14 වැනිදා තීරණය කළ පසු ම අපේක්ෂකයා දිනවීමට ක්‍රියා කරනවා.”