තරුෂිගේ ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කටුගෙට

තරුෂිගේ ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කටුගෙට

මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ ආසියාවේ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ගෞරවයට පත්‍ර වී සිටින ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න දින කිහිපයකට පෙර පැරිස් ඔලිම්පික් උලෙළේ දී තරඟ කිරීමට යොදාගත් ඇඳුම් කට්ටලය ජගත් ඔලිම්පික් කමිටුවේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට ඉල්ලා තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් වැඩසටහන් ජ්‍යේෂ්ඨ කළමනාකාරිණී ඈන් ජකාඩ් මහත්මිය විසින් මෙම ඉල්ලීම කර ඇති බව පැවසෙනවා.

ඒ අනුව 19 හැවිරිදි තරුෂි ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පිහිටි ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා මෙලෙස සිය තරඟ ඇඳුම් කට්ටලය ඔලිම්පික් කමිටුව වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ අත්සන ද සහිතව මෙම ඇඳුම් කට්ටල පිරිනමා තිබීම විශේෂත්වයක්.