දුම්රිය සේවකයෙක් අතුරුදන් – දුම්රිය ධාවනයටත් බාධා

දුම්රිය සේවකයෙක් අතුරුදන් – දුම්රිය ධාවනයටත් බාධා

දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයෙක් අතුරුදන් වීමේ සිදුවීමක් හේතුවෙන් අනෙක් සේවකයින් රාජකාරී වලින් ඉවත්වීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවද දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

අතුරුදන් වූ දුම්රිය සේවකයා සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමට විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස සිය දෛනික සේවාවන් නතර කර ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.