එස්.එම් චන්ද්‍රසේන නිසා රනිලුයි බැසිලුයි අතර හිත් අමනාපයක් ඇති වුණා – නාමල්
බැසිල් රාජපක්ෂ එස්.එම් චන්ද්‍රසේන වෙනුවන් කොන්දේසි විරහිතව පෙනී සිටි බවත් ඔහු වෙනුවෙන් ඔහු අපේක්ෂා කළ තනතුරු තානාන්තර ලබා දීම සඳහා කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හිත් අමනාපයක් පවා ඇති වුන බවත් නාමල් රාජපක්ෂ පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (03) අනුරාධපුරයේ දී පොහොට්ටුවේ පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමිනි.
“එදා එස් එම් ඇමතිතුමා වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා කොන්දේසි විරහිතව පෙනී සිටියා.
බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර යම් හිත් අමනාපයක් ඇතිවුනා නම් ඒ ඇති වීමට එක් හේතුවක් වුනේ එස්.එම් මැතිතුමාලට අවශ්‍ය තනතුරු තානාන්තර ලබා දෙන්න අපි සටන් කරපු එක.
අපේ හදවත සහ අපේ හිත පිරිසිදුයි. අපි උපරිම කළා. හැබැයි එතුමන්ලා අද ගන්න තීන්දුව එතුමන්ලාගේ තීන්දුවක්” යැයි නාමල් රාජපක්ෂ පැවසුවේය.
නැවත එන ඕනෑම කෙනෙකුට පක්ෂයේ දොර විවෘත බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන්දොරෙන් පක්ෂයට එන්න මෙන්ම යන්නත් පුලුවන් බව නාමල් රාජපක්ෂ පැවසුවේය.
“හම්බන්තොටින් නාමල් රාජපක්ෂ ගියත් දෙවැනි පෙළක් ඉන්නවා හම්බන්තොට දිනන්න.
අනුරාධපුරයත් එහෙමයි. පළමු පෙළ ගියොත් බොහොම ආසාවෙන් ඉන්නවා දෙවැනි පෙළක් වගකීම් අරන් පක්ෂය දිනවන්න.
පක්ෂයේ යාන්ත්‍රණය බොහෝම ශක්තිමත්.”