මොනරාගල, නාමල්ඔය සහ ඉඟිනියාල වෙඩිතැබිම් වලින් පොලිසියේ දෙදෙනෙක් ඇතුළු 04ක් මරුට

මොනරාගල, නාමල්ඔය සහ ඉඟිනියාල වෙඩිතැබිම් වලින් පොලිසියේ දෙදෙනෙක් ඇතුළු 04ක් මරුට

අම්පාර, ඉගිණියාගල, නාමල්ඔය ප්‍රදේශවල සිදුකළ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය වී ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වන බවයි, පොලිසිය සඳහන් කළේ.

පොලිස් කොස්තාපල්වරයකු විසින් තවත් කොස්තාපල්වරයකුට වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩිතබාගෙන මියගොස් ඇතැයි අම්පාර පොලිසිය පැවසීය.

අද අලුයම 2.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙසේ ඝාතනය කර ඇත්තේ, මොණරාගල කරඬුගල පොලිසියේ සේවය කරන 33න් හැවිරිදි කොස්තාපල්වරයෙකි.

වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා තවත් කාන්තාවන් දෙදෙනකුට ද වෙඩි තබා ඝාතනය කර ඇතැයි තහවුරු නොවූ පුවත් මගින් වාර්තා වේ.

එලෙස ඝාතනය වී ඇත්තේ, ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසක සිටි 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය බවයි, වාර්තා වන්නේ.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පැයකට පමණ පසුව වෙඩි තැබූ බව කියන පොලිස් කොස්තාපල්වරයා වෙඩි තබාගෙන මියගොස් ඇති බවද වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, මොණරාගල, කරඬුගල පොලිස් ස්ථානයේ සේවයේ නියුතු 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක් මෙසේ සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.