ලොව හොදම සංචාරක මණ්ඩලයට හිමි සම්මානය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට

ලොව හොදම සංචාරක මණ්ඩලයට හිමි සම්මානය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට

ලොව හොදම සංචාරක මණ්ඩලය ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

Global Tourism Awards – 2024 සම්මානය උත්සවය ඊයේ (02) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පවත්වනු ලැබූ අතර ඒ සඳහා සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දියාවට ගොස් තිබුණා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එම සම්මානය ද සමඟ අද (03) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වුනේ.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මීට අවුරුදු දෙකකට පෙර බිංදුවේ සිට මේ වනවිට 100%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.