තරුෂි කරුණාරත්න අද ඔලිම්පික් තරඟ බිමට

තරුෂි කරුණාරත්න අද ඔලිම්පික් තරඟ බිමට

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට ධාවන ශූරී තරුෂි කරුණාරත්න අද (02) සහභාගී වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.15ට පමණ ආරම්භ වේ.

ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශ වී සිටින මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විත වන අතර, තරුෂි සහභාගීවන්නේ එහි හයවන තරගයටයි.