වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 6ක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 6ක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් සය දෙනෙකු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරලමින් පයාගල ප්‍රදේශයේ රැඳී සිටි මෙම චීන ජාතික විදේශීය පිරිස ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ එක් කාන්තාවක් සිට ඇති බව වාර්ථා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 22, 24, 27, 39 යන වයස්වල පසුවන අතර සැකකාරිය 48 හැවිරිදි වියේ පසුවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.