පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වයට ජනපති රනිල්ගේ නම යෝජනා කරනවා – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වයට ජනපති රනිල්ගේ නම යෝජනා කරනවා – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

එළඹෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ශ්‍රී ලංකා – පොදුජන පෙරමුණෙන් යෝජනා කිරීමේ තීරණයක් ගෙන ඇති බව පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අද (31) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ; මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේ දී වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ නම පොහොට්ටුවේ අපේක්ෂකත්වයට යෝජනා කිරීමට නියමිත බවයි.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය රනිල් වික්‍රමසිංහ හට ලබාදීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන පරිදි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙරට පරමාදර්ශී දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ වුව ද, මෙවර පවතින තත්ත්වය තුළ රනිල් වික‍්‍රමසිංහ හට සහාය ලබාදිය යුතු බවයි.