නිලන්ත ජයවර්ධන ට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට නීතිපතිට කල්දෙයි
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්රස්ත ප්රහාර සිද්ධිය පිළිබඳව කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය අද (25) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.
මෙම පෙත්සම අද (25) අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය.
ඒ අනුව, අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා ඔක්තෝම්බර් මස 09 වනදා තෙක් අධිකරණ විසින් කල් ලබාදී තිබේ.