ඉන්දු – ලංකා විස්සයි 20 තරගාවලියේදී රු. 10000ක ටිකට් පතක්

ඉන්දු – ලංකා විස්සයි 20 තරගාවලියේදී රු. 10000ක ටිකට් පතක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 සහ එක්දින තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන් හට හිමිව තිබේ.

ඒ අනුව, https://mycricket.com.lk/slcb-ticketing-frontend-ticketing-platform-ui/home වෙබ් පිටුව ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයාතනය පවසයි.

දෙරට අතර විස්සයි-20 තරඟාවලිය ලබන 27 වනදා ආරම්භ වීමට නියමිත අතර දෙවන සහ තෙවන තරඟ පිළිවෙලින් ලබන 28 සහ 30 වන දින පැවැත්වීමට නියමිතයි.

එක්දින තරඟාවලිය අගෝස්තු මස 2 වනදා ආරම්භ වීමට නියමිතය.

ප්‍රවේශ පත්‍ර මිල ගණන් පහතින්…

විස්සයි20 තරග පල්ලේකැලේ පිටියේදී

Grass Embankment 500
A and B Lower 2,000
Grand Stand Top Level 5,000
Grand Stand Top Level 22 Seat Box ( Per seat) 10,000

එක්දින තරග ආර් ප්‍රේමදාස පිටියේදී

Block C & D Lower Level 500
Block C& D Upper Level 2,000
Block A & B Lower Level 3,000
Block A & B Upper Level 4,000
Grand Stand Top Level 7,500