පොදු ප්‍රවාහන සේවයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක්

පොදු ප්‍රවාහන සේවයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක්

මගී ජනතාවට පොදු ප්‍රවාහන සේවා කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකට අනුව සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා මේ බව පවසා ඇත.

ඒ අනුව මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය සේවයද ඇතුළු මෙරට සියලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.