ක්ලබ් වසන්තගේ බිරිඳට ශල්‍යකර්මයක්

ක්ලබ් වසන්තගේ බිරිඳට ශල්‍යකර්මයක්

අතුරුගිරිය වෙඩිතැබීමේ සිද්ධියේදී බරපතල තුවාල ලැබූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳට ශල්‍යකර්මයක් සිදුකර තිබේ.

අද (08) උදැසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණේ, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදීය.

වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

එමෙන්ම, ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ. සූජීවා ද මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අතර ක්ලබ් වසන්තගේ බිරිඳ සහ පිරිමි පුද්ගලයෙකු ද ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කෙරුණි.

එහිදී, බරපතල තත්ත්වයේ පසුවූ ගායන ශිල්පිනි කේ. සූජීවා සහ පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබුණි.